දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කරයි.

ඊට අමතරව කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ සඳහා ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජල කාන්දුවක් පිලිසකර කිරිම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර සිටියි.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

පුතුගේ 16 හැවිරිදි පෙම්වතිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment