ක්‍රීඩා

බංග්ලාදේශ පරාජය ගැන සොයාබැලීමට කමිටුවක්

(UTV |  බංග්ලාදේශ) – විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ද්වී පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

එම තරගාවලියේ සුපිරි වටයේ දී බංග්ලාදේශය තරග 5කට සහභාගී වී එම තරග 5 ම පරාජය විය.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් වන ජලාල් යූනුස් සහ එනයෙට් හොසේන් එම කමිටු සාමාජිකයින් ය.

ඒ අනුව කරුණු සොයාබලා වාර්තාවක් සැකසීමට ඔවුන්ට පවරා ඇති අතර ඒ සඳහා කාල රාමුවක් ලබාදී නොමැත.

මෙවර විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී බංග්ලාදේශ කණ්ඩායම ස්කොට්ලන්තයට ද පරාජය විය.

Related posts

තරුෂි සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි.

Editor O

ඉන්දියාව හා ශ්‍රී ලංකාවට අතර දෙවන T20 තරගය අද

Mohamed Dilsad

ලංකාවේ සංචාරයට එක්වීමට සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ලක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment