ගොසිප්

සේමසිංහගෙන් ගම්මන්පිලට කනේ පාරක්

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අනාගත බලශක්ති ඇමති ධුරයට තමන් එක සිතින් සුභ පැතුම් එක් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් සිදුකරන ලද්දේ සත්‍යවාදී ප්‍රකාශයක් බව වගකීමෙන් පවසන බවද ගම්මන්පිල මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුවක් බවට ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් කළ ප්‍රකාශය ගැන විමසීමකදී අමාත්‍ය ගම්මන්පිල මෙසේ කියා සිටියේය.

රජය විවේචනය කරමින් අමාත්‍ය ධුර දරන්නේ නැතිව ආණ්ඩුවෙන් එළියට යා යුතු බවත් වත්මන් ආණ්ඩුව දූශිත ආණ්ඩුවක් නම් එහි සිටින්නේ මන්දැයි රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා කහටගස්දිගිලිය නගරයේ දී සඳහන් කළේ ආන්ඩුවේ සෙසු පක්ෂ කොළඹදී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවෙන් පසුවයි.

Related posts

නිරූපමා රාජපක්ෂ රටින් යයි

Mohamed Dilsad

“මහින්ද සුළඟ” ආරම්භ කිරීම වරදක් නම් ඊට සමාව ගන්න සූදානම්

Mohamed Dilsad

ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොඳටම පුලුවන් එකම ක්‍රීඩාව ක්‍රිකට් – මාලිංග

Mohamed Dilsad

Leave a Comment