දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීම සදහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සහ දුරකථන ඇමතුමකින් දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම සියලුම දිස්ත්‍රික් කාර්යාල සදහාද විවෘත කර තිබෙනවා.

පසුගිය කාලයේදී මෙම සේවාව විවෘතව තිබුණේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර ප්‍රධාන කාර්යාල දෙක සදහා පමණයි.

කෙසේ වෙතත් ඊයේ සිට මෙම ක්‍රමවේදය දිවයිනේ සියලුම දිස්ත්‍රික් කාර්යාල සදහාද විවෘත කළ බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් සදහන් කළේ.

Related posts

කැලණි සරසවි කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත්වෙති

Mohamed Dilsad

බස්නාහිරින් යන එන අයට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය අද රාත්‍රීයේ සිට යළි ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment