දේශීය

ජනපති එක්සත් රාජධානී සංචාරය අරඹයි

(UTV | කොළඹ) – එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (30) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ. නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වෙති. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිති.

Related posts

තැපැල් වර්ජනයේ අලුත්ම තත්ත්වය

Editor O

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කරන වාහන සඳහා අද රාත්‍රියේ සිට අවසර

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ හිටපු ජනාධිපති රනිල් හමුවෙති

Editor O

Leave a Comment