දේශීය

පී.එස්.එම්.චාල්ස්, මැතිවරණ කොමිෂන් සභාවට

(UTV | කොළඹ) – ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව අනුමැතිය දී තිබෙනවා.

ඇය මීට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළා.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් පී.එස්.එම්.චාල්ස් මහත්මිය කටයුතු කර තිබෙනවා.

මේ අතර වී. සිවඥානසෝති මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා සුන්දරම් අරුමයිනායහම් මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යෝජනාවට ද පාර්ලිමේන්තු සභාව සිය එකගතාව පළ කර තිබෙනවා.

Related posts

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

විදුලිබල කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතර හමුවක්

Editor O

Leave a Comment