දේශීය

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයි

(UTV |  කුසිනාරා නුවර) – ඉන්දියාවේ කුසිනාරා නුවර පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් නිල වශයෙන් විවෘත කෙරුණා.

ඒ ශ්‍රී ලාංකික ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් සහ මෙරට මැති ඇමතිවරුන් පිරිසක් රැගත් මංගල ගුවන් යානය එම ගුවන් තොටුපළට ගොඩබැස්වීමත් සමගයි.

ඉන්දීය රුපියල් කෝටි 260 ක වියදමින් ඉදිකල කුෂිනගර් ගුවන් තොටුපළ එරට 29 වන ජාත්‍යන්තර ගුවන් තොටුපළයි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි අනුනාහිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් මෙන්ම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම මංගල ගුවන් ගමනට සහභාගී වුණා.

අලුයම 06 ට පමණයි මෙම ගුවන් යානය කටුනායකින් පිටත්ව ගියේ.

ඔවුන් සියලූ දෙනා හෙට පස්වරුවේ නැවතත් කොළඹට ළගාවීමට නියමිතයි.

Related posts

අද ඩොලරය

Editor O

මිල්ලනියේ කර්මාන්තශාලාවක ගින්නක්

Editor O

මැතිවරණයේ තැපැල් ඡන්දය ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment