දේශීය

ගුවන් ගමන් බලපත්‍ර ගන්න පිරිස වැඩි වෙයි

(UTV | කොළඹ) – දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ වර්ධනයක් ඇතිව තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එක්දින සේවය යටතේ සේවය ලබා ගන්නා පිරිස 500 කින් පමණ ඉහළ ගොස් ඇති අතර මීට පෙර සාමාන්‍ය දිනක එක්දින සේවය යටතේ ලැබෙන ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව 1000 කි.

නිරෝධායන ඇඳිරි නීති සමයෙන් පසු එක්දින සේවය යටතේ සේවා ලබා ගන්නා අයැදුම්පත්‍ර සංඛ්‍යාව 1500 ඉක්මවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 ක කාලය තුළ එක්දින සේවයෙන්, සේවා ලබා ගෙන ඇති පිරිස 12,158 කි.

එම කාල සීමාව තුළ සාමාන්‍ය සේවයෙන් පුද්ගලයින් 11,242 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයැදුම්කර ඇත.

මීට අමතරව, මාතර, මහනුවර, වව්නියාව සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලින් ගතවූ දින 10 තුළ පමණක් පුද්ගලයින් 10,145 දෙනෙකු සේවා ලබා ගෙන ඇත.

Related posts

‘Beaver Blood Moon’ – වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

Mohamed Dilsad

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීම ගැන සජිත් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානීගෙන් සතියක්

Mohamed Dilsad

Leave a Comment