දේශීය

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත් පිරිස 81,000 ඉක්මවයි

(UTV | කොළඹ) – නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 81,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා ගතවූ කාලය තුළදීත් තවත් පුද්ගලයින් 53 දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

බස්නාහිර පළාතට ඇතුලූවන පුද්ගලයින් 1710 ක් හා වාහන 931 ක්ද පළාතෙන් පිටවන පුද්ගලයින් 1439 ක් හා වාහන 976 ක් ඊයේ පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.

මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති වීම හේතුවෙන් පුද්ගලයින් 415 ක් හා වාහන 208 ක්ද ආපසු හරවා යැවූ බවයි පොලිසිය නිවේදනය කළේ.

Related posts

තුසිත හල්ලොලුව මහතාට ඇප

Editor O

රනිල් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

බස් ගාස්තුව දැනෙන්නම අඩු කරයි

Editor O

Leave a Comment