ගොසිප්

“කලිසම ගලවලා බැලුවා, අම්මටසිරි සරම මහගෙනත් නෑ”

(UTV | කොළඹ) – ගොවියා කාබනික පොහොරවලට හුරුකිරීමේ ව්‍යාපෘතිය නිසි සැලසුමක් ඇතිව කළේ නම් සාර්ථක කරගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

“ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීමත් සාර්ථක වෙනවා ඒක සැලැස්මක් ඇතිව කළා නම්. අපි කාබනික පොහොර ටික හදාගෙන ගොවිතැන් කරපු මිනිස්සු, ඊට පස්සෙ කෙමෙන් කෙමෙන් බටහිරින් ආපු රසායනික පොහොරවලට අහුවෙලා කෘෂිකර්මාන්තයේ කලිසම ගහගෙන තමා හිටියෙ.

ඒ කලිසම ගලවන්න ඕනෙ, නැත්නම් අපි කන්නෙ වස විස. හැබැයි කලිසම ගලවන්න ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා. අපි කලිසම ගැලෙව්වෙ සරම මහගන්නෙ නැතුව. කලිසම ගලවලා බැලුවා, අම්මටසිරි සරම මහගෙනත් නෑ !

එතකොට කලිසමත් නෑ, සරමත් නෑ ! එතකොට දැන් මොකක්ද කරන්න ඕනෙ ? හරි, කලිසම අපි ගැලෙව්වා – සරම මහගත්තෙ නෑ කියලා ආපහු කලිසම අඳින එකද ? නෑ, වස විස කන එක නෙවෙයි. පුළුවන් තරම් ඉක්මනට අණ්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනෙ, නැත්නම් හෙළුවෙන්. ඉතිං ආණ්ඩුව මේ දවස්වල ඉන්නෙ එතන

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

කෝටි ගණනක මුදල් වංචාවකට සම්බන්ධ තරුණිය අත්අඩංගුවට

Mohamed Dilsad

විදෙස් රට වලින් පැමිණි ශ්‍රී ලංකිකයින් පිළිබඳ තොරතුරු රැසක් හෙළි වෙයි

Mohamed Dilsad

“තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී” : තිරු නඩේෂන්ගෙන් ජනපතිට ලියුමක්

Mohamed Dilsad

Leave a Comment