ගොසිප්

විදෙස් රට වලින් පැමිණි ශ්‍රී ලංකිකයින් පිළිබඳ තොරතුරු රැසක් හෙළි වෙයි

(UTV |කොළඹ) – මීගමුව සහ පුත්තලම ප්‍රදේශවල නි​රෝධායනයට ලක්නොවී සිටින විදෙස්රටවලින් පැමිණි ලාංකිකයන් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිව තිබේ.

ඔවුන් ඉතාලියේ සේවය කරමින් සිට වෙනත් රටවලට ගොස් ගුවන් ප්‍රවේශපත් ලබාගෙන මෙරටට පැමිණි පිරිසක් සිටින බව ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම පිරිස් යුරෝපයේ හා රුසියානු රටවලට ගොස් ගුවන් ටිකට්පත් ඇයදුම් කර ඇතැයිද අනාවරණය විය.

නිරෝධායනයට යොමු නොකළ මගීන් පැමිණෙන ප්‍රංශය වැනි රටවලට ගොස් ඔවුන් ලංකාවට පැමිණ ඇතැයි වාර්තාවේ.

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් පැමිණෙන මගීන් පමණක් දින දාහතරක නිරෝධායනයට යොමුකළ නිසා ඔවුන් මෙවැනි තීරණයක් ගෙන ඇත.

Related posts

රාජ්‍ය අමාත්‍යවරයෙකුට චෝදනාවක්

Mohamed Dilsad

එජාප නියෝජ්‍ය නායකකම ඥාතියෙකුට යයිද?

Mohamed Dilsad

යළිත් ඉන්ධන පෝළිම් ඇති වෙයි ?

Mohamed Dilsad

Leave a Comment