කලා

වික්‍රම් පිය පුතු යුගල ලඟදීම අලුත් වැඩක

(UTV | කොළඹ) – කොලිවුඩයේ ජනප්‍රිය පිය පුතු යුගලයක් වන චියාන් වික්‍රම් සහ ධෘව් වික්‍රම් අධ්‍යක්ෂ කාර්තික් සුබ්බුරාජ්ගේ ‘මහාන්’ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයන් වෙත සමීප වීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය මාසයේදී අවසන් විය.

මෙහි ගීත ඇල්බමයේ පළමු ගීතය වන ‘සූරයතම්’ සැප්තැම්බර් 22 වැනි දින එළිදක්වන බව කාර්තික් සුබ්බුරාජ් සිය ට්විටර් පිටුවෙහි දක්වා තිබිණි. මුලදී චිත්‍රපටය සඳහා අනිරුද් සංගීතය සැපයීමට නියමිතව තිබූ නමුත් පසුව මහාන් සඳහා සංගීතය සැපයීමට සන්තෝෂ් නාරායනන් සම්බන්ධ කර ගන්නා ලදී.

සෙවන් ස්ක්‍රීන් ස්ටුඩියෝහි ලලිත් කුමාර් විසින් නිෂ්පාදනය කරන ලද මහාන් චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා සිම්රන්, වානි භෝජන්, බොබී සිම්හා සහ සනන්ත්ද රංගනයෙන් දායක වෙති. මේ වන විට පසු නිෂ්පාදන කටයුතු සිදුකෙරෙමින් පවතින අතර හඬකැවීම් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

මේ වසර අවසානයේදී මහාන් උත්සව දිනයේදී ‘මහාන්’ මුදා හැරීමට නිෂ්පාදකයන් සැලසුම් කර ඇති බවට වාර්තා වේ.

Related posts

සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ආදායම් වාර්තා අතරට

Mohamed Dilsad

ලොව ඉහළම ආදායම් ලබන ජනප්‍රිය තරු අතරට පැමිණීමට ‘taylor swift’ සමත්වෙයි.

Mohamed Dilsad

රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment