දේශීය

පාලකයින් හිතුමතේ ජනතාව හාමනේ

(UTV | කොළඹ) – ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අදෝනාව,ආර්ථික පීඩාවේ වේදනාව නැගෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා ජන ජීවිත නඟාසිටුවීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැතැයිද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ කැස්බෑව නගරයේ පැවති “පාලකයින් හිතුමතේ- ජනතාව හාමතේ”මැයෙන් සංවිධානය කොට තිබූ විරෝධතාවයකට එක්වෙමිනි.

ගජමිතුරු කල්ලි වාදයත්,විශාල මාෆියාවන් රැසකුත් රටේ ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකතුමා ,ආණ්ඩුව දිනෙන් දින කරමින් සිටින්නේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කිරීම බව ද පැවසීය.

සිවිල් අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළු සමස්ත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුවට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එහෙත් ඒ වෙනුවට අද සිදුව ඇත්තේ ජනතාවට අසහනයෙන් ,නැති බැරි කමින් පීඩා විඳීමට යැයිද පැවසීය.

කැස්බෑවසමගි බලවේගයේ ප්‍රධාන සංවිධායක ගයාන් ද මෙල් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි.

Related posts

මධූෂ්ගේ හෙළිදරව්වකින් පසුව සොයාගත් දේ මෙන්න

Mohamed Dilsad

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මිලියන 3.5ක ප්‍රදානයක්

Mohamed Dilsad

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට නඩු

Mohamed Dilsad

Leave a Comment