දේශීය

පාලකයින් හිතුමතේ ජනතාව හාමනේ

(UTV | කොළඹ) – ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අදෝනාව,ආර්ථික පීඩාවේ වේදනාව නැගෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා ජන ජීවිත නඟාසිටුවීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැතැයිද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ කැස්බෑව නගරයේ පැවති “පාලකයින් හිතුමතේ- ජනතාව හාමතේ”මැයෙන් සංවිධානය කොට තිබූ විරෝධතාවයකට එක්වෙමිනි.

ගජමිතුරු කල්ලි වාදයත්,විශාල මාෆියාවන් රැසකුත් රටේ ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකතුමා ,ආණ්ඩුව දිනෙන් දින කරමින් සිටින්නේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කිරීම බව ද පැවසීය.

සිවිල් අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළු සමස්ත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුවට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එහෙත් ඒ වෙනුවට අද සිදුව ඇත්තේ ජනතාවට අසහනයෙන් ,නැති බැරි කමින් පීඩා විඳීමට යැයිද පැවසීය.

කැස්බෑවසමගි බලවේගයේ ප්‍රධාන සංවිධායක ගයාන් ද මෙල් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි.

Related posts

ළමුන්ගේ පාසල් බෑග් පරික්ෂා කළ යුතු ආකාරය ගැන පොලිස්පති කියයි

Mohamed Dilsad

5000 දීමනාව ලබා දිය යුතු කාණ්ඩ 7ක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

Mohamed Dilsad

අලුත් වාහනයට ලක්ෂ 55යි, පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100යි, අමුතු විදියේ වාහන ආනයන බද්දක්?

Editor O

Leave a Comment