දේශීය

රිෂාඩ් මන්ත්‍රීතුමාට මුත්‍රා කරන්න දෙන්නේ බෝතලයක් – මේක දේශපාලන පලිගැනීමක්

(UTV | කොළඹ) – අබමල් රේණුවකවත් සාක්ෂියක් නැතුව රිෂාඩ් මන්ත්‍රීතුමා රඳවා ගැනීම හෙළා දකින බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවාය.

එයා වැඩි දුරටත් කියා සිටියේ;

“පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් මහතා බන්ධනාගාර ගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරන බවට කථානායකතුමා පසුගිය සභාවාරයේදී සඳහන් කළා. මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම කතානායකතුමාට තියෙනවා.”

“රිෂාඩ් මන්ත්‍රීතුමා ඉන්න කුටිය හවස 5ට වහනවා. එතුමාට මුත්‍රා කරන්න දෙන්නේ බෝතලයක්. ඉස්ලාම් ආගම අනුව රාත්‍රී කාලයේ දෙවරක් යාඥා කරනවා. ඒ සඳහා වතුර ඕන. මේක ආසාධාරණයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් ඉන්නවා. එයාට ගෙදරිනුත් කෑම ගේනවා. දේශපාලන වශයෙන් නඩු දැම්මාම මේකයි වෙන්නේ. ආණ්ඩුවේ උපදෙස් අනුව පොලීසිය වැඩ කරනවා.”

“රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා කාන්තාවක් දූෂණය කළා කියලා. සති ගණනක් බන්ධනාගාර ගතව සිටියා. වෛද්‍ය වාර්තාව ආවම අදාළ කාන්තාව කන්‍යාවක්. ඒ සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක්. රිෂාඩ් මන්ත්‍රීතුමාට විරුද්ධව අබමල් රේණුවකවත් සාක්කියක් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරමින්, කරන මේ රඳවා ගැනීම හෙළා දකිනවා.”

 

  • ආර්.රිෂ්මා

Related posts

STF නව ප්‍රධානියා වැඩ භාර ගනී

Mohamed Dilsad

අද සිට පළාත් අතර දුම්රිය ධාවනයට අවසර

Mohamed Dilsad

දයාසිරි ගැන විමර්ශනය කරන්න පත් කළ කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි.

Editor O

Leave a Comment