කලා

අභ්‍යවකාශයේ රූගත කෙරෙන චිත්‍රපටයක් සඳහා රුසියාවේ පිරිසක් අභ්‍යවකාශය වෙත යයි

(UTV | කොළඹ) – අභ්‍යවකාශයේ පළමු වරට සිදුකෙරෙන චිත්‍රපට රූගත කිරීමක් සඳහා රුසියානු චිත්‍රපට කණ්ඩායමක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන “ක්ලිම් ෂිපෙන්කෝ” සහ රංගන ශිල්පිනියක් වන “යූලියා පෙරෙසීල්ඩ්” ඊයේ දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටව ගොස් තිබෙනවා.

ඔවුන් ගමන් ගත් භ්‍යවකාශ යානය ගුවන්ගත වී පැය 03 කට පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

Related posts

Siren හි රූගත කිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

Margot Kidder දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

නිරූපණ ශිල්පිනී කේශාරිගේ මරණයට හේතුව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment