ක්‍රීඩා

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට

(UTV | කොළඹ) – තරග සංචාරයකට සහභාගිවීම සදහා බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට පැමිණෙයි.

තරගාවලිය 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර එක්දින තරග පහක් පැවැත්වෙයි. ජෛව ආරක්ෂිත බුබුලක තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහල කණ්ඩායම තරගාවලියකට සහභාගි වන්නේ කලකට පසුවයි. ලබන වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙය ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා 19 න් පහළ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පවසයි.

Related posts

රංගන හේරත් ටෙස්ට් පිටියට සමුදෙන්න සුදානම්

Mohamed Dilsad

දිමුත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට

Mohamed Dilsad

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියක් චීනයේ විකාශය කිරීමේ ගිවිසුම අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment