දේශීය

අශ්ශීල ප්‍රකාශන තහනම් කරන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය

(UTV | කොළඹ) – තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිර්මාණය කරන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමට සකස් කර ඇති පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා කළ යෝජනාවට ඊයේ (ඔක්.05) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

2020 සැප්තැම්බර් 21 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය ලැබී තිබේ.

Related posts

බුරවීගෙන් බරපතල හානියක් නැහැ.තවදුරටත් අවධානයෙන් ඉන්න

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තු සේවකයන්ගේ රාජකාරී දින අඩු කරයි

Mohamed Dilsad

අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව නව දිනයන්

Mohamed Dilsad

Leave a Comment