දේශීය

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා නිවෙදනයෙක්

(UTV | කොළඹ) – විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලු අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ​

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය, මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල ද සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකට සේවාවන් සපයන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන්ට පමණක් තමන් පදිංචි ස්තානයට ආසන්න ම කාර්යාලයට පැමිණ තම සේවා අවශ්‍යතාවන් සපුරා ගන්නා ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීමකින් තොර ව සිය ප්‍රධාන කාර්‍යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයන්ට පැමිණෙන කිසිවකු කාර්යාල පරිශ්‍ර තුළට ඇතුළත් කර නො ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ ලින්කුව හරහා පිවිසෙන්න

Related posts

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවටගත් දිනයේ සලකපු විදිය ගැන අකිල විරාජ්ගෙගෙන් අනාවරණයක්

Editor O

මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ඇරඹේ

Mohamed Dilsad

ව්‍යාපාරවලට ණය සහන ලබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment