දේශීය

“රිෂාඩ් සම්බන්දයෙන් නීතිපතිවරයාගෙන් විමසා, පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න”

(UTV | කොළඹ) – රිෂාඩ් සම්බන්දයෙන් ගන්නා පියවර කුමක්දැයි නීතිපතිවරයාගෙන් විමසා, පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා රඳවා ගෙන සිටිනවා. රිෂාඩ් මන්ත්‍රීතුමාට විරුද්ධව සාක්ෂි තියෙනවනම්, නඩු දාන්න. සාක්ෂි නැත්නම් එතුමාව මුදා හරින්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවේ තියා ගන්නවානම් ඒ පිළිබඳ චෝදනා තිබිය යුතුයි. බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්දයෙන් ගන්නා පියවර කුමක්දැයි නීතිපතිවරයාගෙන් අහන්න.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින මන්ත්‍රීවරයා දැන් තියාගෙන ඉන්නේ වෙනත් නඩුවක සාක්ෂිවලට බලපෑම් කරාවි කියලා. එහෙම සාක්ෂි තිබේනම් ඒවා ඉදිරිපත් කරන්න. දැන් එතුමා බන්ධනාගාර ගත කර සිටින නඩුවට අදාළ කාලයේ රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රඳවාගෙන සිටියේ. මේ සභාවේ මන්ත්‍රීවරයෙක් නඩුවකට ඇඟිළි ගහනවනම් ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ සම්බන්දයෙන් සාක්ෂි තියෙනවනම් පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න. මහෙස්ත්‍රාත්ට ඉදිරිපත් කළ සාක්ෂි මේ සභාවටත් ඉදිරිපත් කරන්න”.

‘කොමිසමේ වාර්තාවෙන් කොටසක් ඉදිරිපත් නැහැ. සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්දයෙන් ගන්නා පියවර පාර්ලිමේන්තුවට හෙළි කරන්න.”

Related posts

ඉන්ධන ගැටලුවෙන් දුම්රිය ගමන් වාර 22 ක් අදත් අවලංගුයි

Mohamed Dilsad

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත දිම හෙට සිට

Mohamed Dilsad

ආසාදිතයින් 303කට පුර්ණ සුවය

Mohamed Dilsad

Leave a Comment