දේශීය

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි

(UTV | කොළඹ) – සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

ඉන්දීය විදේශ ලේකම්වරයා අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා සහ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා හමුවීමට ද නියමිතය.

ඉකුත් 02දා රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා ඊයේ පස්වරුවේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවුණි.

එහිදී ඔහු ඉන්දීය ප්‍රදානයක් යටතේ ඉදිකරන ලද යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඊට අමතරව ඉන්දීය විදේශ ලේකම්වරයා යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජනරාල්වරයා සහ උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් මහතාද හමුවී තිබේ.

පලාලි ගුවන් තොටුපොලේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවද මෙහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාගේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

Related posts

ඉන්දියාවේ සිට නාවිකයින් පිරිසක් මෙරටට

Mohamed Dilsad

අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

කොරෝනා එන්නතෙහි අතුරු ආබාධ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

Mohamed Dilsad

Leave a Comment