දේශීය

අද දිනයේදී දිවයිනට වැසි

(UTV | කොළඹ) – අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

Related posts

හදිසියේ හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

Mohamed Dilsad

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

Mohamed Dilsad

කෝවිඩ් 19 පරදවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

Mohamed Dilsad

Leave a Comment