දේශීය

රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරයි

(UTV | කොළඹ) – කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුවයි.

මේ අනුව පසුගිය අප්‍රේල් 01 වනදා සිට අද එනම් සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත්වීමට නියමිතවු රියදුරු බලපත්‍රවල වලංගු කාලය අදාළ දිනයේ සිට මාස 12 කින් දීර්ඝ කෙරෙනු ඇති.

හෙට එනම් ඔක්තෝබර් 01 වනදා සිට ලබන වසරේ මාර්තු 22 වනදා දක්වා කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය අදාල දිනයේ සිට මාස 06 කින් දීර්ඝ කෙරෙන බවයි මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

Related posts

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – CID

Mohamed Dilsad

වාහන අංක තහඩු නිකුත් කිරීම නවතී

Editor O

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපති

Editor O

Leave a Comment