ක්‍රීඩා

ඉම්සමාම් උල් හක්ට හදිසි හෘදයාබාධයක්

(UTV | ලාහෝර්) – පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ප්‍රකට ක්‍රිකට ක්‍රීඩක ඉන්සමාම් උල් හක් හදිසි හෘදයාබාධයක් නිසා රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලාහෝර් නගරයේ රෝහලකට ඇතුළු කිරීමෙන් අනතුරුව ඔහු සැත්කමකට භාජනය කර ඇති අතර ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතන බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

51වැනි වියෙහි ඉන්සමාම් පාකිස්ථානය වෙනුවෙන් කණ්ඩායමේ නායකත්වය මෙන්ම ප්‍රධාන තේරීම් නිලධාරියා වශයෙන් ද කටයුතු කර තිබුණි.
ඊට අමතරව ඔහු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.

Related posts

පාකිස්තානය වර්ජනය කල 10 දෙනාට ෂොහිබ් අක්තාර්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

ළහිරු හා දුෂ්මන්ත වෙනුට ක්‍රීඩකයින් දෙදෙනක් සංචිතයට අැතුළත් කෙරේ..

Mohamed Dilsad

Leave a Comment