දේශීය

කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – වී හැර අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර ලබාදීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය මැයි මස තීරණය කෙරුණේ, වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙක විසින් ද අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර බලපත්‍රලාභී පොහොර සමාගම් හරහා ආනයනය කිරීමටයි.

කෙසේ වෙතත් අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොර ව තරගකාරී මිල ගණන් යටතේ සැපයීම සඳහා යි ඒවා ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකට ද අවසර ලබාදීමට කටයුතු කර ඇත්තේ.

Related posts

ඊයේ ආසාදිතයින් අතරින් කොළඹ මහ නගර සභාවේ සේවකයන් 49 ක්

Mohamed Dilsad

ඩීසල් ලීටරයක මිල රු.10 කින් අඩු කරයි

Mohamed Dilsad

විවාහයට පෙර, රුධිර පරීක්ෂණක් කරන්න – විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ

Editor O

Leave a Comment