දේශීය

නිරෝධායන නීතියට අවනත නොවූ තවත් 317ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ තවත් පුද්ගලයින් 317 දෙනෙකු සහ වාහන 5ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (28) උදාසන 6 න් අවසන්වූ පැය 24ක කළය තුල සිදුකළ මෙහෙයුම්වලදීයි.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු පුද්ගලයින් සංඛ්‍යාව 78 දහස් 914ක්. මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පළාතෙන් පිටවන පුද්ගලයින් 2243 දෙනෙකු සහ වාහන 1535ක් ඊයේ දිනයේදී පොලිසිය විසින් පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති පුද්ගලයින් 274ක් ඔවුන් පැමිණි වාහනවලින්ම ආපසු හරවා යැවීමට පියවර ගත් බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක්

Mohamed Dilsad

සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් මෙහෙයුම් අඛණ්ඩව

Mohamed Dilsad

මූල්‍ය ආයතනයක් හරහා රු කෝටි 990ක වංචාවක්

Mohamed Dilsad

Leave a Comment