දේශීය

74 වන නිදහස් උළෙලේ කටයුතු සදහා කමිටුවක්

(UTV | කොළඹ) – ලබන වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 74 වන නිදහස් සමරු උළෙලේ කටයුතු සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාපතීත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

කැබිනට් මණ්ඩල තීරණයක් අනුවයි මෙම කමිටුව පත් කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ / මහාචාර්ය ජී එල් පීරිස් / දිනේෂ් ගුණවර්ධන / ගාමිණි ලොකුගේ / ජනක බණ්ඩාර තෙන්නකෝන් / කෙහෙළිය රඹුක්වැල්ල හා චමල් රාජපක්ෂ යන ඇමතිවරුන් මෙම කමිටුවට ඇතුලත්.

එමෙන්ම ඩලස් අලහප්පෙරුම / බැසිල් රාජපක්ෂ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ද කමිටුවේ සාමාජිකයන් ලෙස නම් කර තිබෙනවා.

Related posts

සනත් නිශාන්තට සිතාසි

Mohamed Dilsad

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

එල්ලවූ සයිබර් ප්‍රහාරය පිළිබඳ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment