විදෙස්

එ.ජා සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ් ආසාදනය වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරවාරයේදී බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමට පැය 19ක පමණ කාලයකට පෙර එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද හමු වී ඇති බවද වාර්තා වනවා.

කොවිඩ් ආසාදනයට ලක්වූ බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගා මේ වන විට නිරෝධායනයට යොමුව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

ජේකොබ් සූමා ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති මිය යයි

Mohamed Dilsad

ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට ?

Mohamed Dilsad

Leave a Comment