ප්‍රමුඛ පුවත 1

මන්නාරම, මුසලි, මාවිල්ලු රක්ෂිතය සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක්

(උදයම්,මන්නාරම)  –  මන්නාරම, මුසලි, මාවිල්ලු රක්ෂිතය සම්බන්දයෙන් ජනාධිපති ලේකම්තුමන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

පසුගිය දිනක නිකුත් කළ ගැසට් නිවේදනයෙන් තම ඉඩම් හා වගාබිම් ද රක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි කියමින් මුසලි, මරච්චිකට්ටි ප්‍රදේශයේ ජනතාව විසින් දින ගණනාවක් පැවැත්වූ විරෝධතාවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් තාවකාලිකව අත්හිටුවීමට විරෝධතාකරුවන් 9දා එකඟ වුහ.

ඒ අමාත්‍යවරුන්වන රිෂාඩ් බදියුදින්, ෆයිසර් මුස්තාපා, පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි යන මහත්වරුන් අතිගරු ජනාධිපතිතුමන් සමග 8දා ජනාධිපති නිල නිවසේදී පැවැති සාකච්ඡාවේදී ගත් තීරණ පිළිබඳව විරෝධතාකරුවන් දැනුම්වත් කිරීමෙන් පසුවයි.
කෙසේ නමුත් මැයි 13දා ජනාධිපති ලේකම්තුමන් සමග ගැටළුව සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද විරෝධතාකරුවන් ට දැනුම් දුන්හ.

Related posts

තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

Mohamed Dilsad

කඳුකර‍යෙන් සහන රැගෙන කිළිනොච්චි බලා පිටත් වෙයි.

Mohamed Dilsad

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment