ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

(UTV| කොළඹ) – නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු රැගත් ට්‍රොලර් යාත්‍රාවක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු (Transnational Crime) වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින්  ඊයේ (ජුනි 05) ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය (EEZ)  තුළ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

හලාවත සිට නාවික සැතපුම් 117 ක පමණ දුරකින් ‍සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, එම යාත්‍රාව දෙසට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යැවිමට කටයුතු කර ඇත.

ඒ අනුව, නීති විරෝධී ලෙස මුහුදු මඟින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, පිරිමි පුද්ගලයින් දහනවදෙනෙකු (19) සහ කාන්තාවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත.

අනතුරුව මෙම පුද්ගලයින් කොළඹ, වරාය වෙත රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කොළඹ, වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා වෙරළ තීරය වටා ක්‍රියාත්මක මුර සංචාරයන් ඔස්සේ මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී සංක්‍රමණ කටයුතු ඇතුළු සියළු නිතී විරෝධී කටයුතු සාර්ථකව මැඩපැවැත්විමට ඉඩ ප්‍රස්ථාව ලැබි ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එමිල් රන්ජන් ලමාහේවාට සහ නියොමාල් රංගජීවට ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

පොසොන් උත්සවය උත්කර්ශවත් අයුරින් සැමරීමට උපදෙස් – අග්‍රාමාත්‍ය

Mohamed Dilsad

නිවාඩු අවලංගුයි – සියලු දුම්රිය සේවකයින් වහාම සේවයට පැමිණෙන්න

Mohamed Dilsad

Leave a Comment