දේශීය

තවත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත බැවින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය දැරූ රවිනාථ ආර්යසිංහ ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එය පුරප්පාඩු වී පැවතිනි.

Related posts

පාස්කු නඩුවේ චෝදනා 23270 අතරින් 13ක් කියවාදෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ දී කටයුතු කරන ආකාරය පිළිබඳව ජීවන් තොණ්ඩමන් තීරණයක් ගනී

Mohamed Dilsad

ඩොලරයේ මිල තීරණය වූ ආකාරය

Editor O

Leave a Comment