දේශීය

ජනපති, එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට

(UTV | කොළඹ) – සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වෙයි.

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වේ.

සිය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක් වෙති.

Related posts

ආණ්ඩුවේ අය ඉදිරිපත් කළ වත්කම්-බැරකම් ප්‍රකාශවල අඩුපාඩු තියෙනවා – නලින්ද ජයතිස්ස

Editor O

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීමක්

Editor O

ඉමිතියාස් ඉල්ලා අස්වූ හේතුව මෙන්න

Editor O

Leave a Comment