දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (අගෝස්තු 31) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවය.

එමෙන් ම, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 7 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුව ම ඉහළින් පවතින බවත් අද දින දහවල් 12.10ට මරිච්චුක්කාඩි, තන්තිරිමලේ, මැදවච්චිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

කණ්ඩා­යම් 76ක් අලු­තින් දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිං­චිය සඳහා අය­දු­ම්පත් ඉදි­රි­පත් කරලා

Editor O

අදත් විදුලිය නැහැ

Mohamed Dilsad

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක් ගින්නෙන් විනාශයට

Mohamed Dilsad

Leave a Comment