දේශීය

ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් දිවයිනට රැගෙන විත් තිබේ.

එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.

මෙරටට රැගෙන ආ එන්නත් තොගය විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙගන විත් තිබේ.

එම එන්නත් තොගය, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත ය.

Related posts

බැසිල් රාජක්ෂ තීරණයක් අරගෙන

Editor O

සවුදියේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට තාවකාලික සහනයක්

Mohamed Dilsad

මඩ පොහොර නෞකාවක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment