දේශීය

ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් දිවයිනට රැගෙන විත් තිබේ.

එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.

මෙරටට රැගෙන ආ එන්නත් තොගය විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙගන විත් තිබේ.

එම එන්නත් තොගය, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත ය.

Related posts

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමිට

Mohamed Dilsad

කෝප් කමිටුවේ විපක්ෂ නියෝජනය වැඩි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්න

Mohamed Dilsad

Leave a Comment