ක්‍රීඩා

ඉසුරු උදාන කොදෙව් දිවයිනේ දී දස්කම් දක්වයි

පසුගිය ජුලි 30 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන බටහිර ඉන්දීය කොදෙව් දිවයිනේ පැවැත්වෙන කැරිබියානු ප්‍රිමියර් ලීග්  20යි 20 තරඟාවලියේ දී දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා.

ට්‍රින්බාගෝ නයිඩ්රයිඩස් පිළ නියෝජනය කරන ඔහු , සිය කණ්ඩායම සහ  බාබේඩොස් රෝයල්ස් පිළ අතර, ඊයේ පැවැති තරඟයේ වීරයා බවට ද පත් වුණේ  ප්‍රතිවාදි කණ්ඩායමේ කඩුළු 5 ක් බිඳ හෙළමින්.

ඔහු දවාලූ ක්‍රීඩකයන්ට ග්ලෙන් ෆිලිප්ස් , ජොන්සන් චාල්ස්,  අසාම් ඛාන්, නායක ජේසන් හෝල්ඩර් මෙන්ම තිසර පෙරේරා ද ඇතුළත්.

ඊයේ තරඟයේ දී බාබේඩොස් රෝයල්ස් පිළ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 122 රැස් කළ අතර, එහි දී ඉසුරු උදාන සිය පන්දුවාර 4 තුළ  කඩුළු 5ක් බිඳ හෙළුවේ ලකුණු 21ක් පමණක් ලබා දෙමින්.

ට්‍රින්බාගෝ නයිඩ්රයිඩස් පිළ පන්දුවාර 16යි පන්දු 5ක දී කඩුළු 4 දැවී ලකුණු 125ක් ලබමින් තරගයේ ජය හිමි කර ගත්තා.

Related posts

ඉන්දියාව හා ශ්‍රී ලංකාවට අතර දෙවන T20 තරගය අද

Mohamed Dilsad

මාලිංගට විනය පරීක්ෂණයක්

Mohamed Dilsad

එක්දින නායකත්වය ගැන යලිත් අර්බුදයක්

Mohamed Dilsad

Leave a Comment