ක්‍රීඩා

මාලිංගට විනය පරීක්ෂණයක්

(උදයම්,කොළඹ)   –  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලසිත් මාලිංග සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද(27) පෙරවරුවේ රැස්වුණු විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අනවසරයෙන් මාධ්‍යට ප්‍රකශ සිදු කිරීම හේතුවෙන් මෙලෙස ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් විනය නීති උල්ලංගනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මේ නිසා ත්‍රි පුත්ගල කමිටුවක් මගින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.

එම විනය කමිටු සාමාජිකයින් වන්නේ,ඈෂ්ලි සිල්වා – ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා ක්‍රිකට් ,මොහාන් ද සිල්වා – ක්‍රිකට් ලේකම් ,අසේල රණවක – විනය කමිටු සභාපති

මීට පෙර අවස්ථා දෙකකදී ලසිත් මාලිංග එසේ කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Related posts

බිග් මැච් සමයේ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

බැඩ්මින්ටන් වැඩමුළුව 14 වනදා

Mohamed Dilsad

ICC ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අද සිට

Mohamed Dilsad

Leave a Comment