කලා

මේගන්ගේ අලුත්ම සිනමාපටයේ රඟපාන්න කේට් කැමති වෙයි

(UTV | එංගලන්තය) – සිනමා නිළියකව සිට රජ පවුලට සම්බන්ධ වූ පසු නැවත හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදිකාවක බවට පත්ව සිටින මෙගන් මාර්කල් ඇගේ නෑනා කේට් වෙත රඟපෑමේ අවස්ථාවක් උදාකර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නෙට්ෆ්ලික්ස් සමාගම සමග ගිවිසුමකට එළැඹී මින් ඉහත එක් චිත්‍රපටයක් නිපදවා ඇති මෙගන් ඇගේ ඊළඟ ව්‍යාපෘතිය සඳහා කේට්ව සම්බන්ධ කරගන්නා බව වාර්තා වේ.

“මේගන් සහ කේට් ඇත්තෙන්ම හොඳින් ඇසුරු කරන අතර නිතර නිතර සම්බන්ධකම් පැවැත්වූ අය වෙති,” එංගලන්ත මාධ්‍ය ඔවුන්ගේ ඇසුර විස්තර කර තිබුනේ එලෙසිනි.

39 හැවිරිදි කේට් සාමාන්‍යයෙන් තම ප්‍රසිද්ධිය ගැන ඕනෑවටත් වඩා සැලකිලිමත්වන අතර රාජකීයයෙකු වීම හා එමගින් සිද්ධවිය හැකි ප්‍රතිරූප හානිය හෝ වාසිය ගැන කිරා බැලීම් කරන්නියකි.

මෙවන් තීරණ වලදී වඩාත් සම්මත මාර්ගයක් අනුගමනය කරන අතර, ඇය මේගන්ගේ ඉල්ලීම සලකා බැලුවාය.

“කේට් ඉතා ප්‍රශංසනීයයි, ඔවුන් අතර ඒ සියල්ල ඉතා ධනාත්මකයි,” එංගලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

ආර්කේවෙල් ප්‍රොඩක්ෂන්ස් නම් වූ චිත්‍රපට සමාගමේ මේගන් සහ හැරී අධ්‍යක්ෂවරුන් වන අතර ලෝකයේ වඩාත් ප්‍රකට අන්තර්ජාල ස්ට්‍රීමින් මාධ්‍යයක් බවට පත්ව ඇති නෙට්ෆ්ලික්ස් හරහා ඔවුන්ගේ නිර්මාණ ලෝකයට යාම නිසා ඔවුන්ට අලුත් කලඑළියක් ලැබී තිබේ.

Related posts

කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින්

Mohamed Dilsad

කත්‍රිනා හා විකීගේ විවාහයට දින නියම වෙයි

Mohamed Dilsad

නන්තලට ලංකාවට පැමිණි බොලිවුඩ් තාරුකාව [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment