දේශීය

රුපියල් දෙදහසේ දීමනාව ලබාදීමට සියල්ල සූදානම්

( UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සූදානම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා.

එම දීමනාව ලබාදීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාමලේඛනය කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යවරයා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති අතර, ඒ අනුව ඔවුන් විසින් අදාළ නාමලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මුදල් අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අදාළ මුදල් යොමු කිරීමෙන් පසු කඩිනමින් එම මුදල ලබාදීමට නියමිතව තිබෙනවා.

Related posts

උතුරු කොරියාවෙන්, ඉරානයට න්‍යෂ්ටික අවි….?

Editor O

අද කාලගුණය

Mohamed Dilsad

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?

Editor O

Leave a Comment