දේශීය

අද ශක්ති ඉන්දියාවට යයි

(UTV | කොළඹ) – ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම (17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් ව ගොස් තිබේ.

මෙරට රෝහල් තුළ සිටින කොවිඩි -19 ආසාදිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්ෂිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රජය විසින් ඉන්දියාවෙන් ඔක්සිජන් තොගයක් ඇණවුම් කිරීමට තීරණය කෙරිණි.

ඒ අනුව, ශක්ති නෞකාව හෙට (18) පස්වරුවේ දී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ළඟාවීමට නියමිතව ඇත.

Related posts

ලංකාවට සහාය දෙන්න IMF සූදානම්

Mohamed Dilsad

කොරෝනා වෛරසයට 563 ක් ගොදුරුවෙයි

Mohamed Dilsad

බොර තෙල් මිල වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment