ක්‍රීඩා

මහේලගේ කණ්ඩායම අවසන් වටයට

එංගලන්තයේ පැවැත්වෙන “The Hundred” තරඟාවලියේ සුවිශේෂ ජයක් වාර්තා කිරීමට මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන “සදර්න් බ්රෙව්” කණ්ඩායම සමත් විණි.

එහිදී ඔවුන් විසින් “ඕවල් ඉන්වින්සිබල්ස්” කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ඕවල් කණ්ඩායම සිය පන්දු 100 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබාගත්තේය.

ඊට පිළිතුරු ලෙස සදර්න් බ්රෙව් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දු 95කදී අවශ්‍ය ලකුණු 135 ලබාගත්තේ කඩුලු 4ක් දැවී යෑමෙන් අනතුරුවය.

ඒ අනුව, “The Hundred” තරඟාවලියේ ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වීමට සදර්න් බ්රෙව් කණ්ඩායම සමත්වී තිබේ.

Related posts

මෙන්ඩිස් සහ දික්වැල්ලට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළ් කරගැනීමේ සූදානමක්

Mohamed Dilsad

නව සභාපතිගේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment