ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව දීමට තීරණය කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් රැගෙන එන්නේ මෙම ක්‍රීඩකයන් නිසා ඒ හේතුවෙන් ක්‍රීඩකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ක්‍රිකට් බලධාරීන් හැටියට ක්‍රීඩකයන් නොසලකා හැරිය නොහැකි බවත් මොහාන් ද සිල්වා මහතා කීය.

මීට පෙර කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන්ට අමතරව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු කොන්ත්‍රාත්තුවට ඇතුළත් වන බවත් පෙර පැවති කොන්ත්‍රාත්තුවම ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙම වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූ අතර ක්‍රීඩකයන් මේ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් මීට පෙර පැවසුවේ පීඩකයන්ට මෙම වසර සඳහා කොන්ත්‍රාත් ගිවිසුම ලබා නොදෙන බවයි.

Related posts

නුවන් කුලසේකරගේ සමුගැනීම ගැන මුරලි කිව්වා කතාව

Mohamed Dilsad

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මතීෂ පතිරණට ශ්‍රී ලංකා රුපියල් කෝටි 61ක ලංසුවක්

Editor O

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment