දේශීය

කොවිඩ් අවදානම නිසා නගර 3ක සියලු වෙළෙඳසැල් වසාදැමේ

(UTV | කොළඹ) – කොවිඩ් අවදානම් තත්ත්වයන් මතුවීම හේතුවෙන් නගර 3ක සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන ඇත.

මාතලේ පලාපත්වල නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණය වීමෙන් පසු එම නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමුණි.

එමෙන්ම කන්තලේ සේරුනුවර නගරයේ අවමංගල්‍ය උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් හේතුවෙන් දින 14 ක් සඳහා සේරුනුවර නගරයේ වෙළෙඳසැල් ද වසාදැමීමට එම වෙළෙඳ සංගමය පියවර ගෙන ඇත.

මීට අමතරව ඌව පරණගම ලූනුවත්ත නගරයේ වෙළෙඳසැල් ද අද (13) සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමට ලූනුවත්ත එක්සත් වෙළෙඳ සංගමය පියවර ගෙන තිබේ.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තීරණාත්මක දේශපාලන තීන්දුවකට එළඹීමට සූදානමින්…!

Editor O

ත්‍රිවිධ හමුදා නිරෝධායනය අවසන් කල ගණන 12,000 ආසන්නයි

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනයක් ?

Mohamed Dilsad

Leave a Comment