දේශීය

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය සිද්ධිය : වෙබ් අඩවි 4ක් තහනම් කරන ලෙස අධිකරණ නියෝගයක්

(UTV | කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අදාළ දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි 04ක් ක්‍රියාත්මක වීම වළකාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වෙබ් අඩවි තහනම් කරන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති තැපැල් මුද්දර නැවත බාර දෙන ලෙස දැනුම් දෙයි.

Editor O

තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දූත පිරිසක් පාර්ලිමේන්තුවට වැඩම කරති

Editor O

හිටපු මුදල් ඇමතිගේ විදෙස් ගමන් තහනමක් ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

Leave a Comment