දේශීය

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් ඔන්ලයින් ක්‍රමයට

(UTV | කොළඹ) – උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාදීම අද (02) සිට ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව පරිගණක සහ ජංගම දුරකථන භාවිතයෙන් ඊට ඉල්ලුම් කිරිමේ හැකියාව පවතින අතර විසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කරමින් ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකිය.

ඒ අනුව සීඝ්‍රගාමි තැපෑල ඔස්සේ හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ඉල්ලුම් කරන එම සහතික පිටපත් ලබාගැනීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා www.rgd.gov.lk යන වෙබ් අඩවිය හෝ 011 288 95 18 යන දුරකථන අංකය මාර්ගයෙන් ලබාගත හැකිය.

Related posts

පළමු පාසල් වාරය අදින් අවසන්

Editor O

ඉතිහාසයේ පළමු වරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment