Trending News

ආගන්තුක ඊමේල් පණිවුඩ විවෘත කිරිමෙන් වැළකී සිටින්නැයි උපදෙස්

(උදයම්,කොළඹ)  – ලොව පුරා රටවල් 99ක පරිඝනක පද්ධතිවලට බලපෑම් එල්ල කළ රැන්සම්වෙයා පරිඝනක වෛරස් ප්‍රහාරයෙන් මෙරට පරිඝනක පද්ධතිවලට බලපෑම් ඇති වූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බව පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

පසුගිය දින කිහිපය තුළ  නිවාඩු දිනයන් මෙරට රාජ්‍ය අංශයේ පරිඝනක පද්ධතීන් විශාල වශයෙන් භාවිත නොවූ නිසා ඒ පිළිබඳ වාර්තා වී නොමැති බව පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම සයිබර් ප්‍රහාරයේ අවදානම හේතුවෙන් ආගන්තුක ඊමේල් පණිවුඩ විවෘත කිරිමෙන් වැළකී සිටින ලෙස ද පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙනවා.

Related posts

Netflix aims for 470 originals by year’s end

Mohamed Dilsad

அலுகோசு பதவிக்கு முதல் சுற்றில் தெரிவு செய்யப்பட்டவர்கள் வைத்திய பரிசோதனைக்கு

Mohamed Dilsad

புதிய விமானப் படைத் தளபதியாக எயார் வய்ஸ் மார்ஷல் சுமங்கல டயஸ்

Mohamed Dilsad

Leave a Comment