දේශීය

මාලදිවයින් ජනපති ඇතුලු දූත පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – දින 03 ක සංචාරයක් සදහා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුලු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ කාර්ය බභාර නිලධාරීවරයා සඳහන් කලේ පෙරවරු 11.30 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් ජනාධිපතිවරයා ඇතුලු පිරිසක් දිවයිනට ළගාවූ බවයි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 15 දෙනෙකු ද මෙම සංචාරය සඳහා පැමිණ තිබෙනවා.

මෙම පිරිස ලබන 23 වන දින සිය සංචාරය නිමා කර ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.

Related posts

ළමයින්ට එරෙහි දඬුවම් තහනම් කිරීමට සැලසුම්

Editor O

ශ්‍රී ලංකා පුරවැසියන්ට තායිලන්තයේ සංචාරය සඳහා වීසා අවශ්‍ය නැහැ.

Editor O

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment