දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව කල් යයි

(UTV | කොළඹ) – ගිනිගැනීමට ලක් වූ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව ලබන අගෝස්තු 6 වනදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ඉල්ලා සිටියේ නෞකාවේ ගිනිගැනීම පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට ප්‍රගතිය වාර්තා කිරිම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙසටයි.

ඒ අනුව, ලබන අගෝස්තු 6 වනදා දක්වා නඩුව කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ එදිනට විමර්ශන පිළිබඳ ප්‍රගතිය වාර්තා කරන ලෙසයි.

Related posts

ආනයනික වාහන ගැන තොරතුරු දැන ගන්න ඇප් එකක්

Editor O

අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරේ

Mohamed Dilsad

රටවල් 194 ක් අතරින් ලංකාව එන්නත්කරණයෙන් 03 වන ස්ථානයට

Mohamed Dilsad

Leave a Comment