දේශීය

දිනෙක ශ්‍රී ලංකාව තුළ භාවිත කල වැඩිම කොවිඩ් මාත්‍රා සංඛ්‍යාව ඊයේ

(UTV | කොළඹ) – එක් දිනයකදී ශ්‍රී ලංකාව තුළ භාවිත කල වැඩිම කොවිඩ් මාත්‍රා සංඛ්‍යාව ඊයේ (14) දිනයේදී සටහන්වී ඇත.

ඒ අනුව ඊයේ දිනයේදි එන්නත් මාත්‍රා තුන් ලක්ෂ 84, 763 ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් තුන් ලක්ෂ 38, 572 කට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 35,410 ක්.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ පුද්ගලයින් 3365 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඊට අමතරව ෆයිසර් එන්නත් මාත්‍රා 7416 ක් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

Related posts

විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

Mohamed Dilsad

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

හෙට සිට ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment