දේශීය

රනිල්ට වාරණ නියෝගයක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජා-ඇළ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පක්ෂයෙන් නෙරපීම වළක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගමගේ මහතා ඊයේ (12) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ලබන 26 දින විත්තිකාර රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට අධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා එහිදී නියෝග නිකුත් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර හා පක්ෂයේ විනය කමිටුවට පැන වූ එම වාරණය ලබන 26 දින දක්වා ක්‍රියාත්මක වන ලෙසට විනිසුරුවරයා මෙලෙස වාරණ නියෝගය නිකුත් කළේය.

එමිල් අර්නස් ප්‍රනාන්දු හා ආර්. අබේරත්න නාගරික මන්ත්‍රීවරුන් විසින් මෙම නඩුව අධිකරණය හමුවේ පවරනු ලැබූ අතර නීතිඥ දිනේෂ් ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

එක්සත් ජාතික පක්ෂය සාධාරණ යුක්ති ධර්මයන්ට පටහැනිව තමන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරමින් සිටින බව පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව, තමන් සමගි ජනබලවේගය පක්ෂයට සහාය දැක්වීයැයි පූර්ව නිගමනයේ සිට විත්තිකරුවන් සිදුකරන ක්‍රියාවලිය නතර කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ල විසින් අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර තිබිණි.

Related posts

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 16 කට කොරෝනා

Mohamed Dilsad

“ඔමික්‍රොන්” ආසාදිතයින් 04 දෙනෙකු වාර්තාවේ

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා ගැන අලුත්ම ගැසට් නිවේදනය

Mohamed Dilsad

Leave a Comment