දේශීය

පහළොස්-හැවිරිදි දැරිය අපයෝජනට අදාළව තවත් අත්අඩංගුවට ගැනීම්

(UTV | කොළඹ) – පහළොස්-හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු තමන් රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු බවටයි හඳුන්වාදී ඇත්තේ.

ඊයේ (09) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළා.

මේ අතර,15-හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට අදාළව ඇයගේ තවත් ඥාතියෙකු ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට පෙර, දැරියගේ මව සහ ඇගේ අනියම් සැමියාද අත්අඩංගුවට ගැනුනා.

Related posts

පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

හිටපු ඇමති මනූෂගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට

Editor O

බැංකු නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment