දේශීය

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබා දීම අත්හිටුවයි

(UTV | කොළඹ) – කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත් ලබා දීම අත්හිටවු වූ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබා දීම අත්හිටුවන ලෙසත් ජූලි 3 වන සතියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලැබෙන තෙක් රැඳී සිටින ලෙසත් තමන් වෙත උපදෙස් ලැබුණු බවය.

එමෙන් ම, අවශ්‍ය සියලු ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ප්‍රමාණය ජූලි 3 වන සතිය වන විට මෙරටට ලැබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු බවත් ඇය සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

ඒ හේතුවෙන්, අද (ජූලි 8) දින එන්නත් ලබා ගැනීමට එන ලෙසට දැනුම් දෙමින් පණිවුඩ ලැබුණ පුද්ගලයින්ට ඒ සඳහා නොපැමිණෙන ලෙස ඇය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Related posts

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ට

Editor O

මහර සියලු රැඳවියන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

Mohamed Dilsad

නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.

Editor O

Leave a Comment